Skip to main content

Posts

Showing posts from February, 2018

සිංහල ගීතය

ඔබ ගීතයක් රස විදින්නේ කෙසේද? ඔබ වඩාත් සංවේදී වන්නේ පද අරුතේ ඇති සහිත්‍ය රසටද? සංගීතයේ ඇති මිහිරි බවටද? ගයකයාගේ ලයාන්විත හඬටද? මාගේ අදහසට අනුව නම් එහි ඇත්තේ ගීතමය රසයකි, ගීතයේ පද අරුතට සරිලන සංගීත සංයෝජනක් ද, එයටම ගැලපෙන හඬ පෞර්ෂයක්ය. මා මෙහිලා උත්සහකරන්නේ සිංහල ගීතයේ පරිනාමය පිලිබදව මාගේ අදහස ඉදිරිපත් කිරිමය. ශ්‍රි ලාංකීක ඉතිහස තුළ වර්තමාන ගීතයට සමවන්නාවු කලා කෘතීන් දක්නට ලැබුනද, එම නිර්මාණ ගීතය නම් කලා ප්‍රපන්චයෙන් වියොවන බව විද්වතුන්ගේ මතයයි. මන්දයත් ගීතය නම් කලා මාධ්‍යයට අනන්‍යය වු විශේෂිත ලක්ෂණ පැවතිමයි. අප කගෙත් පිලිගනිමට අනුව ගීතය නිෂ්ශිත ස්වර ආකෘතියකට ගැයෙන පද මාලාවකී. ගීතය වනාහි ජන කවිය, ශාන්ති කර්ම, දෙවොල් මඬු, ගම් මඬු ආදියෙහි ගැයෙන ස්ත්‍රොත්‍ර, සෙන්කඩගල කවිකරකම් මඬුවෙ කවි, කතොලිකයන් ගයන ස්ත්‍රොත්‍ර, පසන් වලින් විතැන් වු අනන්‍ය කලා මාධ්‍යක් බව පිලිගත් මතයයි. මාගේ හැදෑරිමට අනුව සිංහල ගීතය ප්‍රථමයෙන් ම මුණගැසෙන්නේ නුර්තී නම් නට්‍ය විශේෂය තුලය. උතුරු ඉන්දියානු 'පාරිස් නාට්‍යය' (Paris Theater) සම්ප්‍රදාය අනුකරනය කරමින් සි. දොන් බස්තියන් ශුරින්, 1877 දී නි...