ඔබ ගීතයක් රස විදින්නේ කෙසේද? ඔබ වඩාත් සංවේදී වන්නේ පද අරුතේ ඇති සහිත්‍ය රසටද? සංගීතයේ ඇති මිහිරි බවටද? ගයකයාගේ ලයාන්විත හඬටද? මාගේ අදහසට අනුව නම් එහි ඇත්තේ ගීතමය රසයකි, ගීතයේ පද අරුතට සරිලන සංගීත සංයෝජනක් ද, එයටම ගැලපෙන හඬ පෞර්ෂයක්ය. මා මෙහිලා උත්සහකරන්නේ සිංහල ගීතයේ පරිනාමය පිලිබදව මාගේ අදහස ඉදිරිපත් කිරිමය.
ශ්‍රි ලාංකීක ඉතිහස තුළ වර්තමාන ගීතයට සමවන්නාවු කලා කෘතීන් දක්නට ලැබුනද, එම නිර්මාණ ගීතය නම් කලා ප්‍රපන්චයෙන් වියොවන බව විද්වතුන්ගේ මතයයි. මන්දයත් ගීතය නම් කලා මාධ්‍යයට අනන්‍යය වු විශේෂිත ලක්ෂණ පැවතිමයි. අප කගෙත් පිලිගනිමට අනුව ගීතය නිෂ්ශිත ස්වර ආකෘතියකට ගැයෙන පද මාලාවකී. ගීතය වනාහි ජන කවිය, ශාන්ති කර්ම, දෙවොල් මඬු, ගම් මඬු ආදියෙහි ගැයෙන ස්ත්‍රොත්‍ර, සෙන්කඩගල කවිකරකම් මඬුවෙ කවි, කතොලිකයන් ගයන ස්ත්‍රොත්‍ර, පසන් වලින් විතැන් වු අනන්‍ය කලා මාධ්‍යක් බව පිලිගත් මතයයි.
මාගේ හැදෑරිමට අනුව සිංහල ගීතය ප්‍රථමයෙන් ම මුණගැසෙන්නේ නුර්තී නම් නට්‍ය විශේෂය තුලය. උතුරු ඉන්දියානු 'පාරිස් නාට්‍යය' (Paris Theater) සම්ප්‍රදාය අනුකරනය කරමින් සි. දොන් බස්තියන් ශුරින්, 1877 දී නිර්මාණය කරන ලද 'රොලීනා' නම් නුර්තියෙන් ඇරඹි ශ්‍රි ලාංකෙය නුර්ති කලාව තුළ, සිංහල ගීත කලාව දළු ලා වැඩුන බව විද්වත් මතයයි. එකී මුල් කාලින නුර්ති ගී පාරිස් නාට්‍ය ගී තනු ඇසුරෙන් නිර්මිත ගීතවේ. නමුදු පසු කාලිනව නිතිඥ ජෝන් ද සිල්වා ශුරින් වැන්නවුන් ස්වතන්ත්‍ර ගිත නිර්මණය කිරිමේ වටිනාකම හඳුනාගත් බවක් පෙනේ. තවද ඒ සඳහා ඉන්දියනු ශාස්ත්‍රිය සංගීතය සුදුසු බව, පෞරාණික පද්‍ය පරිශිලනයෙන් ජෝන් ද සිල්වා ශුරින් එලඹි නිගමයකි. ජෝන් ද සිල්වා ශුරින් ඉන්දියානු සංගීතඥ විශ්වනාත් ලව්ජී මහතා ලවා එතුමගේ ගී පද රචනා වලට සංගීත සංයොජනය කරගත් බව නොරහසකි. "මා ලඳවත" (රත්නාවලී), "සිරි සඟ බොධි මාලීගාවේදී" (සිරි සඟබෝ), "පිනවන්ට සවන්" (ශ්‍රි වික්‍රම රාජසිංහ ), "දැක්කොත් පද්මාවතී" (පද්මාවතී), වැනි නුර්තී ගීත සියවසකට ආසන්න කලයක් තිස්සේ අප මනදොල පිනවන්නට සමත් නිර්මණයෝය.
සිංහල ගීත වංශයේ දෙවන යුගය ග්‍රැමෆොන් යුගය ලෙස හැදින්විම වරදක් නැතැයි මම සිතමි. නිතිඥ ජෝන් ද සිල්වා ශුරින්ගේ සහ සංගිතඥ විශ්වනාත් ලව්ජි සුසංයොගයේ අග්‍රඵලය, "දන්නෝ බුදුන්ගේ" (සිරි සඟ බෝ, 1903) ගීය බව අවිවාදත්මකය. "දන්නෝ බුදුන්ගේ" ගීතයට ලද ජනතා ප්‍රසදය දුටු ප්‍රධාන පෙලේ තැටි නිෂ්පදකයෝ, එච්. එම්. වි (His Master's Voice, HMV), ඔදෙඔන් (Odeon), පර්ලොෆොන් (Parlophone), කොලොම්බියා (Columbia) සමාගම්, ජෝන් ද සිල්වා ශුරින් කරා පැමිණ එතුමගේ නුර්ති ගීත ග්‍රැමෆොන් තැටි ලෙස වෙළදපොලත නිකුත් කිරීමත කැමැත්ත පලකලහ. ප්‍රසිද්ධියට පත් සෑම නුර්ති ගීතයක්ම පාහේ එම සන්නාම යටතේ 1908 සිට 1930 කාලය තුළ තැටිගත කෙරුණි. නමුත් ක්‍රමක්‍රමයෙන් නුර්ති ගී වල ජනප්‍රියතාව අඩු වීමත් සමඟම, එම තැටි නිෂ්පදකයෝ තැටි අලෙවිය ඉහල නැංවිමට නව මං සෙවුහ. 1930 දී පර්ලොෆොන් සමාගම 'අලුත් සිංදු' නමින් ගීත ඉදිරිපත් කිරිමට උත්සුක වු අතර, අනිකුත් තැටි නිෂ්පාදකයන් ද එම අඬිපරේ යමින් තව තවන් එම ශෛලියෙම ගීත තැටි ගත කලෝය. එම ගීත බොහෝමයක මුක්‍ය පරමාර්ථය ජාතික පුනරුධය වුවද, ඒවා ජනප්‍රිය ද්මිළ හො හින්දි චිත්‍රපට ගී තනු අනුව රචනා විය.

Comments
Post a Comment